Header Ads

පොල්තෙල් වෙනුවට ජනතාවට කන්න වහ ගෙන්නුවත් ආණ්ඩුව මේ චෞර වළල්ල රකිනවා - වීඩියෝ සහිතයි

පොල්තෙල් වෙනුවට ජනතාවට කන්න වහ ගෙන්නුවත් ආණ්ඩුව මේ චෞර වළල්ල රකිනවා - මේ පාලකයන්ට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ නොව තමන් වටේ සිටින චෞර වළල්ලකට ඒ නිසා පොල්තෙල් වෙනුවට වහ ගෙන්නුවත් මේ ආණ්ඩු ඒ හොරු රකිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබූවේ ඊයේ (28) දිනයේදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජවිපෙ යෝජනා භාරදීම සිදු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට
පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ” මේ පාලකයින්ට බැඳීම තිබෙන්නේ ජනතාව සමග නෙවෙයි. ජනතාව සමග බැඳීමක් තිබෙනවා නම් ප්‍රමිතියෙන් යුතු ආහාර ලබා දීම, සාධාරණ මිලකට භාණ්ඩ ලබා දීම පාලකයාගේ වගකීමක්. නමුත් චෞර වලල්ලක් සමඟ බැඳීම තිබෙන නිසා තමයි ජනතාවට වසවිස කන්න දෙන්නේ. ඒව නවත්වන්න තිබෙන ප්‍රමිති ආයතනය වැනි තැන්වල ඒ හොරු වාඩි වෙලා ඉන්නේ. සීනි ආනයනයේදී භාණ්ඩාගාරයට කෙතරම් පාඩු සිදු වුවත් තමන්ගේ බැඳීම තිබෙන්නේ චෞර වලල්ල එක්ක. ඒ නිසා මේ හැම සිදුවීමකින්ම පෙන්නුම් කරන්නේ මේ පාලකයන්ගේ බැඳීම තිබෙන්නේ ජනතාවට නෙවෙයි තමන් වටා ඉන්න චෞර වලල්ලට කියන එකයි. ” යනුවෙන් පැවසීය.

video -  

No comments

Theme images by mammuth. Powered by Blogger.