facebook

Home » , » බැඳුම්කර කොමිසමේදී රවී කරුණානායක ගැන තවත් තතු හෙළි වෙයි

බැඳුම්කර කොමිසමේදී රවී කරුණානායක ගැන තවත් තතු හෙළි වෙයි

Written By Lanka Next on Friday, October 6, 2017 | 2:33 AM

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බැවින් රාජ්‍ය බැංකුවලට විශාල පාඩු සිදුවු බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකුවල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (04) හෙළි කර තිබේ.

රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි ප්‍රකාශ කර ඇති ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකුවලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.

බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී හිටපු මුදල්  ඇමති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් අද හෙළි කර තිබේ.

0 comments:

Post a Comment

Top