Header Ads

හිත් පිත් නැති නරුම රැළක් ලිංගික සංක්රන්තිකයෙකුට කළ සාහසික වැඩක් කැමරාවක සටහන් වෙයි

ලිංගික සංක්‍රාන්තියකට පත්වූ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම බ්‍රසීලයේ Ceara State හි සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස පහරකෑමට ලක්වී මියගොස් ඇත්තේ 42 හැවිරිදි Dandara dos Santos නමැති පුද්ගලයෙක්.


Dandara dos Santos නමැති පුද්ගලයාගේ නිවස අසලට පැමිණි කණ්ඩායමක් විසින් ඔහුව නිවසින් පිටතට ගෙන ඔහුට අමානුෂික ලෙස පහර දෙන අයුරු පුද්ගලයෙකු විසින් පටිගත කර තිබුණා.


මෙම වීඩියෝපටය සමාජජාල වලට නිකුත්වීමත් සමග එරට පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කළා.

එහිදි පුද්ගලයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පැන ගොස් ඇති බවත් වාර්තා වනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්...

No comments

Theme images by mammuth. Powered by Blogger.